News Category
From Date
To Date
Maximum Number of Result

යුරෝපය පුරා පැතිර පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් පෙර නොවූ විරූ මට්ටමේ උෂ්ණත්වයන් මේ වනවිට වාර්තා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිට පිටම සිදුවූ ප්‍රබල භූමිකම්පා දෙකක් සහ ඉන් අනතුරුව ඇතිවූ පසු කම්පන තත්ත්වයන් නිසා එරට අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇති අතර, එහි බලපෑම කොලොම්බියාවට ද දැනී තිබේ.

රුසියානු TU-160 න්‍යෂ්ටික හැකියාව ඇති උපායමාර්ගික බෝම්බ හෙලන යානා බැරන්ට්ස් සහ නෝර්වීජියානු මුහුදේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ අභ්‍යාස පවත්වා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද(23) පැවසීය. යුක්රේන ගැටුම සම්බන්ධයෙන් මොස්කව් සහ නේටෝ අතර ආතතීන් මධ්‍යයේ මෙම මෙහෙයුම සිදු විය.

කීර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සහ ලේබර් පක්ෂ නායකත්වය සඳහා ඇන්ඩි බර්න්හැම් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බෙලාරුස් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තෝරාගත් රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ තෙවන ඒකාබද්ධ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

කියුබානු විප්ලවයේ ප්‍රමුඛතම නායකයෙකු මෙන්ම එර රටේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වූ රාමිරෝ වැල්ඩෙස් මෙනෙන්ඩෙස් (Ramiro Valdés Menéndez) අභාවප්‍රාප්ත වී තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා වසා දැමීමට පියවර ගත් බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.


ප්‍රධාන පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ සිට අහෝසි කරනවා.. - ජනාධිපති

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත මේ වසරේ සිට අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

භාණ්ඩාගාර කොල්ලයෙන් IMF ගිවිසුමට බලපෑම් වන බව දන්වයි.. ඕස්ට්‍රේලියාවට 2.5 million USDයලි ගෙවන්න ලංකාව එකඟ වෙයි..

සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල පියවීම සඳහා මුදල් අමාත්‍යාංශය මේ වන විට අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ඩේලි මිරර් සඳහන් කරයි.

“නීතිපති ඉදිරිපත් කළ ඡායාරූප ද්වේෂසහගතයි.. කිසිදු වාර්තාවක ගෝඨාගේ නම නෑ.. අසාද් මවුලානාගේ ප්‍රකාශ මත අත්අඩංගුවට ගන්නේ කොහොමද?..”-ගෝඨාභයගේ නීතිඥයා අභියාචනාධිකරණයේදී කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඊයේ දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සිදුවිය.

භූමිකම්පාවෙන් පසු වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ..

පිට පිටම සිදුවූ ප්‍රබල භූමිකම්පා දෙකක් සහ ඉන් අනතුරුව ඇතිවූ පසු කම්පන තත්ත්වයන් නිසා එරට අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට..

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පා.ම. ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

"සෝමවංශ රැකපු උරුමය අනුරට අත්හරින්න බෑ".. - උවිදු විජේවීර

සෝමවංශ අමරසිංහ මහතාගේ 10 වන ගුණසමරුව නිමිත්තෙන් පැවැත්වුණු උත්සවයකදී ‘දෙවන පරපුර’ පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා විසින් විශේෂ දේශනයක් පවත්වමින් සඳහන් කරන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අසීරුම අවස්ථාවන්හිදී රැකගත් දේශපාලන උරුමය සහ ප්‍රතිපත්ති අත්හැරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ශවයන්ට කිසිදු අයිතියක් නොමැති බවයි.

"සෝමවංශලා, විජේවීරලා එදා කරපු දේ අනුරගේ ආණ්ඩුවෙන් පාවා දෙනවාද?" - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නිර්මාතෘ රෝහණ විජේවීරයන් සහ පක්ෂය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ සෝමවංශ අමරසිංහ වැනි නායකයන් එදා ආරක්ෂා කළ ප්‍රතිපත්ති, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ පාවා දෙමින් පවතිනවාද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පාස්කු දා ප්‍රහාරයේ මහ නඩුවේ තීරණාත්මක තීන්දුවක්.. නවුෆර් මවුලවිගේ කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් බව තහවුරු කෙරේ..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමු වැනි චුදිත වන සහරාන්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද දින සිදුකිරීමට නියමිතව තිබේ.

ඇමරිකානු උප ජනපතිගේ මුහුණවත් නොබලා ඉරානය නැඟිටලා ආවේ ඇයි? ඉරාන - ඇමරිකානු ගැටුම සහ නව ලෝක දේශපාලන ප්‍රවණතා ගැන උවිඳු විජේවීරගෙන් විග්‍රහයක්

වත්මන් ගෝලීය දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වන ඉරාන-ඇමරිකානු අර්බුදය සහ ඉන් ගෝලීය බලතුලනයට එල්ල වන බලපෑම පිළිබඳව දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.